ICC ටෙස්ට් ශූරතාවලියේ ශ්‍රී ලංකාව ඉදිරියට…

2022 – 2023 සඳහා වන ICC ලෝක ටෙස්ට් ශූරතා ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව 3 වන ස්ථානයට පැමිණ තිබේ.

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ගාල්ලේදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් ලකුණු 246කින් ශ්‍රී ලංකාව අද පරාජයට පත්වීමෙන් අනතුරුව තරග දෙකකින් සමන්විත තරගාවලිය 1-1ක් ලෙස සම තත්ත්වයෙන් අවසන් විය.

ඒ අනුව ශ්‍රී ලංකාව ICC ලෝක ටෙස්ට් ශූරතා ශ්‍රේණිගත කිරීම්වල ප්‍රසාද ලකුණු 64ක් (53. 33%) ලබා ගනිමින් 3 වැනි ස්ථානයට පැමිණ තිබේ.

දකුණු අප්‍රිකාව ලකුණු 60ක් (71. 43%) ලබා ගනිමින් ශ්‍රේණිගත කිරීමේ පෙරමුණේ පසුවන අතර ඕස්ට්‍රේලියාව ලකුණු 84ක් (70. 00%) ලබා ඇත.

ඉන්දියාව ලකුණු 75ක් (52.08%) ලබා ශ්‍රී ලංකාවට පසුවත්, පාකිස්තානය ලකුණු 56ක් (51.85) ලබා දෙවැනි ස්ථානයටත් පත්ව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *