වසර 25කට පසු සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණයේ පිහිනුම් තටාකයට නවීන ඉලෙක්ට්‍රොනික කාල මැනීමේ පද්ධතියක්

සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණයේ පිහිනුම් තටාකය වසර 25කට පසු ප්‍රථම වරට නවීන ඉලෙක්ට්‍රොනික කාල මැනීමේ පද්ධතියක් සහ ජාත්‍යන්තර මට්ටමේ පිහිනුම් තරග උපකරණවලින් සන්නද්ධ කර තිබේ.

මෙලෙස නවීකරණය කරන ලද සුගතදාස ජල ක්‍රීඩා සංකීර්ණයේ පහසුකම් සිකුරාදා (24) තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා සහ නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතා විසින් නිල වශයෙන් විවෘත කරන ලදී.

මෙම ව්‍යාපෘතිය යටතේ වසර 20කට වැඩි කාලයක් භාවිත කළ උපකරණ වෙනුවට නව ඉලෙක්ට්‍රොනික කාල මැනීමේ පද්ධතියක්, ටච් පැඩ් (Touch Pad) පද්ධතියක්, ඩිජිටල් ප්‍රදර්ශන පුවරුවක් සහ ජාත්‍යන්තර ප්‍රමිතියට අනුකූල ආරම්භක වේදිකා (Starting Blocks) ස්ථාපනය කර ඇත.

මෙම නව පහසුකම් මඟින් තරගවල කාල මැනීමේ නිරවද්‍යතාව ඉහළ නැංවෙන අතර, දේශීය හා ජාත්‍යන්තර තරග සඳහා සූදානම් වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් පුහුණු සහ තරග පහසුකම් ලබාදීමට හැකි වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *