අයහපත් කාලගුණය හමුවේත් අ.පො.ස. සාමාන්‍ය පෙළ සෞන්දර්ය ප්‍රායෝගික පරීක්ෂණ නියමිත පරිදි

2026 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය විෂයයන්ට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ මණ්ඩල නියමිත පරිදි අදාළ මධ්‍යස්ථානවලදී පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හෙට (ඔක්තෝබර් 27) දිවයිනේ සියලුම පාසල් සඳහා නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කර තිබුණ ද, සෞන්දර්ය විෂයයන්ට අදාළ ප්‍රායෝගික පරීක්ෂණවල කිසිදු වෙනසක් සිදු නොවන බව එම දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

විභාග සම්බන්ධයෙන් යම් ගැටලුවක් හෝ අපහසුතාවක් ඇති වුවහොත්, අදාළ අධ්‍යාපන කලාපයේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා සම්බන්ධ කරගෙන උපදෙස් ලබාගන්නා ලෙස ද විභාග අපේක්ෂකයන්ට දැනුම් දී තිබේ.

වැඩිදුර තොරතුරු සඳහා විභාග අපේක්ෂකයන්ට සහ දෙමාපියන්ට පහත දුරකථන අංක ඔස්සේ විභාග දෙපාර්තමේන්තුව සම්බන්ධ කරගත හැකිය.

  • ක්ෂණික ඇමතුම් අංකය: 1911

  • දුරකථන අංක: 011 2784208 / 011 2784537

  • ෆැක්ස් අංකය: 011 2784422

Leave a Reply

Your email address will not be published. Required fields are marked *