එදිරිසිංහ ට්රස්ට් ඉන්වෙස්ට්මන්ට් (ETI) ආයතනයේ හිටපු අධ්යක්ෂවරුන් වන නාලක එදිරිසිංහ, ජීවක එදිරිසිංහ, අංජලී එදිරිසිංහ සහ අසංක එදිරිසිංහ යන අය කොළඹ ප්රධාන මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත නිදහස් කර තිබේ.
එක් අයෙකුට රුපියල් ලක්ෂ 10ක මුදල් ඇපයක් සහ රුපියල් මිලියන 5ක ශරීර ඇප දෙකක් බැගින් නියම කර ඇති අතර විදෙස් ගමන් තහනමක්ද ඔවුන්ට පනවා ඇත. එමෙන්ම සෑම මසකම අවසන් ඉරිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසටද නියෝග කර තිබේ.