රුපියල් බිලියන 3.3ක රත්ගම ජලාපවහන ව්‍යාපෘතිය ඇරඹෙයි

දකුණු පළාතේ රත්ගම නගරය ආශ්‍රිතව නිතර හටගන්නා ගංවතුර තත්ත්වයට ස්ථිරසාර විසඳුමක් ලබාදෙමින්, ප්‍රදේශයේ ඉඩම් සංවර්ධනය කිරීම සහ ජලාපවහන පද්ධතිය උත්ශ්‍රේණි කිරීම උදෙසා රුපියල් මිලියන 3,380.22ක (රුපියල් බිලියන 3.38ක) දැවැන්ත ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ගාල්ල සහ හික්කඩුව අතර පිහිටි ප්‍රධාන සේවා නගරයක් වන රත්ගම නගරයේ විධිමත් ජලාපවහන පද්ධතියක් නොමැතිකම නිසා අධික වර්ෂාව පවතින කාලවලදී නිතර ගංවතුර උවදුරට ලක්වේ. ඊට පිළියමක් ලෙස ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව (SLLDC) මඟින් 2027 සිට 2029 දක්වා වූ කාලසීමාව තුළ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය.
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට අනුව අනුමත වූ මෙම ව්‍යාපෘතිය යටතේ ප්‍රධාන සංවර්ධන කටයුතු රැසක් සැලසුම් කර ඇත.
රත්ගම කලපුවට ජලය බැසයාමට නව පහසුකම්
ඒ අනුව රත්ගම–දොඩන්දූව මාර්ගය සහ විජයරත්න මාර්ගය අතර පිහිටි පුරන් වූ අක්කර 24.5ක කුඹුරු ඉඩමෙන් අක්කර 13ක පමණ භූමි ප්‍රමාණයක ජලය රඳවා ගැනීමේ ජලාශයක් සහ ආරක්ෂිත රඳවා ගැනීමේ කලාපයක් (Retention area) ඉදිකිරීමට නියමිතය.
මීට අමතරව වැව් ඉවුරු සංවර්ධනය කිරීම, නඩත්තු ප්‍රවේශ මාර්ග ඉදිකිරීම සහ පහළ ප්‍රදේශයේ පිහිටි අක්කර 1.5ක භූමියක ජලාපවහන පද්ධතිය සංවර්ධනය කරමින් අතිරික්ත වැසි ජලය බාධාවකින් තොරව රත්ගම කලපුව වෙත යොමුකිරීමටද මෙමඟින් පියවර ගැනේ.




