CID භාර නියෝජ්‍ය පොලිස්පතිට ස්ථාන මාරුවක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ ප්‍රසාද් රණසිංහ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් මූලස්ථානය වෙත මාරුකර තිබේ.

ඒ අනුව මාතර සහ හම්බන්තොට භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ ඩබ්ලිව්. තිලකරත්න මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස පත්කර ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ මුල්ලේරියාව, ගොතටුව, පොත්තපිටිය, පල්ලෙවෙල, මොනරාගල, ඇතිමලේ සහ වීරගුල පොලිස් ස්ථානාධිපතිවරුන්ව ද සේවා අවශ්‍යතා මත මාරුකර ඇති බවය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *