ICC දූෂණ විරෝධී ඒකකයේ ප්‍රධානී ඇන්ඩෘ එෆ්ග්‍රේව් සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී ඒකකයේ ස්වාධීන සභාපති ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධන මහතා, ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා සහ ක්‍රීඩා විමර්ශන ඒකකයේ ප්‍රධානී සහකාර පොලිස් අධිකාරී චානක ද සිල්වා මහතා හමුවී මේ වන විට ක්‍රියාත්මක විමර්ශනය සහ ICC ආධාර ලබාදිය හැකි ආකාර පිළිබඳව සාකච්ඡා කර ඇත.
මෙම හමුව සිදුව ඇත්තේ පසුගිය සතියේ ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ සම හිමිකරු මන්ජෝට් කල්රා සහ තවත් ඉන්දීය ජාතිකයෙකු තරග පාවාදීම සඳහා ක්‍රීඩකයන් පෙළඹවීමට උත්සාහ කළ බවට වන චෝදනා මත අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුවය.
සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී රුපියල් මිලියන 9.5ක මුදලක් ඔවුන් සන්තකයේ තිබී සොයාගෙන ඇති බව වාර්තා වේ.
ශ්‍රී ලංකා බලධාරීන් විසින් සිදුකරන විමර්ශන සඳහා තාක්ෂණික දැනුම සහ බුද්ධි තොරතුරු සහාය ඇතුළු ICC ආධාර ලබාදෙන ලෙස අමාත්‍ය ගමගේ මහතා එහිදී ඉල්ලා තිබේ.


