රාජගිරිය ගොඩනැගිල්ලේ පවත්වාගෙන ගිය කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය බත්තරමුල්ලේ පිහිටි ගොවිජන මන්දිරයට අද (23) රැගෙන ගිය බවත්, අද පෙරවරුවේ සිට එහි කටයුතු ආරම්භ කළ බවත් කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි. එමෙන්ම කෘෂිකර්ම අමාත්‍යාංශය , රාජගිරියේ පුද්ගලික ගොඩනැගිල්ලක පවත්වාගෙන යාමේ අත්තනෝමතික ගිවිසුමකට එළැඹුණු සියල්ලන් වෙනුවෙන් නඩු පවරන බවටත් විදුර වික්‍රමනායක මහතා අද (23) පාර්ලිමේන්තුවේදී පැවසීය.
2020-01-23