බස් ගාස්තු සංශෝධනය පස්වරු 5.00 ට පෙර ප්‍රකාශයට පත් නොකළහොත් ඊයේ (22) සවස 6.00 සිට රට පුරා වැඩ වර්ජනයක් දියත් කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළේය.
ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් හදිසි සාකච්ඡාවක් ඉල්ලා සිටියද ජාතික ප්‍රවාහන කොමිෂන් සභාවෙන් ප්‍රතිචාරයක් ලැබී නොමැති බව සංගමය සඳහන් කළේය.


