ඉන්ධන පිරවීමේදී වාහනයේ අනන්‍යතාවය නිවැරදිව තහවුරු කර ගැනීම සඳහා වාහන ආදායම් බලපත්‍රය, වාහන ලියාපදිංචි සහතිකය, වාහන රක්ෂණ සහතිකය හෝ වාහන විමෝචන පරීක්ෂණ සහතිකය ඉදිරිපත් කරන ලෙස මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව රියදුරන්ගෙන් ඉල්ලා සිටී.
මෑත කාලය තුළ වාහන අංක තහඩු නිකුත් කර නොමැති බැවින් සමහර වාහන හිමියන් විවිධ වර්ගයේ අංක තහඩු භාවිතා කිරීමට නැඹුරු වී ඇති බව දෙපාර්තමේන්තුව පැවසීය.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දැනට වාහන ලියාපදිංචි තහඩුවේ අවසාන අංකය මත පදනම්ව ඉන්ධන නිකුත් කරයි.


