ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා ශුද්ධෝත්තම ලියෝ XIV පාප් වහන්සේට ආරාධනාවක් කර තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශයට අනුව, ඉතාලියේ නිල සංචාරයක නිරත අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් 02 වන දින වතිකානුවේදී නිල ආරාධනා ලිපිය භාර දෙන ලදී.
රාජ්‍යයන් සමඟ සබඳතා පිළිබඳ උප ලේකම් මොන්සිග්නෝර් මිහයිෂා බ්ලාජ් මහතා සමඟ පැවති හමුවකදී මෙම ලිපිය ඉදිරිපත් කරන ලදී.


