කලාපයේ පවතින තත්ත්වය හේතුවෙන් මැදපෙරදිග ගමනාන්ත වෙත සිදුකරන සියලුම ගුවන් ගමන් අවලංගු කර ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම නිවේදනය කරයි.
මගී ආරක්ෂාවට ප්‍රමුඛත්වය දෙමින් වත්මන් වර්ධනයන් හොඳින් තක්සේරු කිරීමෙන් පසු මෙම තීරණය ගත් බව ගුවන් සමාගම පවසයි.
ශ්‍රීලංකන් ගුවන් සමාගම තවදුරටත් කියා සිටියේ තමන් තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටින අතර අවශ්‍ය පරිදි යාවත්කාලීන කිරීම් ලබා දෙන බවයි.


