යුධ හමුදා බුද්ධි අංශය විසින් ලබාදුන් තොරතුරක් මත නාවික හමුදා නිලධාරීන් පුත්තලම කරුකපනේ ප්රදේශයේ සිදුකළ වැටලීම්වලින් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන නීතිවිරෝධී බීඩි කොළ විශාල තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ස්ථාන දෙකක සිදුකළ සම්බන්ධීකරණ මෙහෙයුම්වලදී බීඩි කොළ කිලෝග්රෑම් 1165ක් සොයා ගැනීමට නිලධාරීන් සමත් විය. අත්අඩංගුවට ගත් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 50කට ආසන්න බව ගණන් බලා තිබේ.
සිද්ධිය වූ ස්ථානයේදීම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර, රාජසන්තක කළ භාණ්ඩ අදාළ බලධාරීන් වෙත භාර දීමට කටයුතු කර ඇත.


