පාර්ලිමේන්තුවේ උසස් තනතුරු පිළිබඳ කාරක සභාව විසින් දූත මණ්ඩල ප්‍රධානීන් හතර දෙනෙකුගේ නාමයෝජනා අනුමත කරන ලදී.
ඒ අනුව, ඊශ්‍රායල රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති ලෙස හොරණ මහවත්තේ ගෙදර සමන් කුමාර් චන්ද්‍රසිරි, කෙන්යා ජනරජයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස වර්ණකුලසූරිය පීටර් රොහාන් ධම්මික ප්‍රනාන්දු, ලෙබනන් ජනරජයේ ශ්‍රී ලංකා තානාපති ලෙස අනුර විතානගේ සහ පලස්තීන රාජ්‍යයේ ශ්‍රී ලංකා නියෝජිත ලෙස මොහොමඩ් ෆාරුක් මොහොමඩ් ෆවුසර් යන අයගේ නාමයෝජනා කමිටුව විසින් අනුමත කරන ලදී.
උසස් තනතුරු පිළිබඳ කාරක සභාව මෑතකදී අගමැති හරිනි අමරසූරියගේ සභාපතිත්වය යටතේ රැස්විය.


