ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් ලෙස වරුණ ශ්‍රී ධනපාල මහතා පත් කෙරේ

ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස වරුණ ශ්‍රී ධනපාල මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත් කර ඇත.

පත්වීමේ ලිපිය අද පස්වරුවේ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඔහුට නිල වශයෙන් භාර දෙන ලදී.

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන ධනපාල මහතා 2024 නොවැම්බර් 29 වන දින සිට විධිමත් පත්වීමක් ලබා ගන්නා තෙක් ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ වැඩබලන ලේකම්වරයා ලෙස සේවය කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *