ඊයේ (08) පස්වරුවේ තල්දූව අමිතිරිගල ප්රදේශයේ සිදුවූ රිය අනතුරකින් මෝටර් රථයක් යතුරුපැදියක ගැටීමෙන් පුද්ගලයින් තිදෙනෙකු මිය ගිය බව පොලිසිය පැවසීය.
ගැටීමෙන් පසු මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන ප්රපාතයකට පෙරළී ගිය අතර යතුරුපැදිය ගිනිගෙන ඇත.
සිද්ධියෙන් තුවාල ලැබූ සියලු දෙනා අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කර ඇත. තුවාල ලැබූ තිදෙනෙකු මිය ගොස් ඇති අතර තවත් දෙදෙනෙකු මේ වන විට ප්රතිකාර ලබන බව පොලිසිය පැවසීය.
අනතුර සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


