ගිනි අවිය අතුරුදන්වූවාට පොලීසියේ දෙන්නෙක් අත්අඩංගුවට

මතුගම පොලිස් ස්ථානයේ  තිබූ පිස්තෝලයක් , මැගසිනයක්  සහ පතුරම් දහයක් අස්ථානගතවීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මතුගම පොලිස් ස්ථානයේ දූෂණ මර්ධන අංශ ස්ථානාධිපතිවරයා සහ එම අංශයේම රාජකාරී කරන තවත් කොස්තාපල් වරයෙකු බව පොලිසිය කීය.

මතුගම පොලිස් ස්ථානයට අයත් විදේශීය රටක නිෂ්පාදිත B 6418 පිස්තෝලය , එම ජීව පතුරම් 10 ක් සහිත මැගසීනය අස්ථානාගතව ඇති බවට ලද තොරතුරක් මත කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ගේ උපදෙස් පරිදි කල විමර්ශන වලදී අණාවරණය වූ තොරතුරු මත සැකකාර පොලිස් නිළධාරින් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකක නිළධාරීන් මතුගම මූලස්ථාන පොලිස් පරීක්ෂක වරයාගෙන් ලබාගත් තොරතුරු අනුව සැකපිට සැකකාර පොලිස් නිළධාරින් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිසිය සදහන් කරයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *