අල්ලස් ගත් සි .අයි . ගේ වැඩ තහනම්

රුපියල් 250,000 මුදලක් තුටු පඬුරක් ලෙස ලබාගත් ගම්පහ මූලස්ථාන පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාගේ රාජකාරී වැඩ තහනම් කිරීමට බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා විසින් පියවර ගෙනඇත.

වෙනත් පුද්ගලයකු විසින් සොරකම් කරන ලද රන් මාලයක් පැමිණිලිකරු විසින් මිලදී ගෙන ඇති බව පවසා එය අධිකරණයට ඉදිරිපත් ක නීති මගින් කටයුතු නොකර සිටීමට රුපියල් 3 ක මුදලක් හා රන් පවුම් 3/4  ක් ඉල්ලා එයින් රුපියල් 250,000 ක  මුදලක් තුටු පඬුරක් ලෙස අල්ලස් වශයෙන් ලබාගන්නා අවස්ථාවේදී අල්ලස් හෝ දූෂණ චෝදනාව විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් ඉකුත් 25 වෙනිදින  ගම්පහ තක්ෂිලා විද්‍යාල ඉදිරිපිට මාර්ගයේදී ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගනු ලැබීය.

ශ්‍රී ලංකා පොලිසිය මෙන්ම රාජ්‍ය සේවය අපකීර්තියට පත්වන ලෙස කටයුතු කර ඇති බැවින් එම ක්‍රියාව සෙසු නිලධාරීන්ට වැරදි පූර්වාදර්ශයක් වන බැවින්ද ඉකුත් 25 වෙනිදින  දින සිට ක්‍රියාත්මක වන පරිදි රාජකාරී වැඩ තහනම් කර ඇති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අත්සනින් ලිපියක් නිකුත් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *