ආපදාවට හසුවූ නිවාසවලට දැනුම් දෙන තුරු යන්න එපා

ජාතික ගොඩනැගිලි පරීක්‍ෂණ ආයතනයේ නිලධාරීන් පරීක්‍ෂා කර නිවසට යන ලෙස නිර්දේශ කරන තෙක් නිවසින් පිටව සිටින ජනතාවගෙන් නැවත නිවසට නොයන ලෙස ඉල්ලා සිටින බව ජාතික ගොඩනැගිලි පරීක්‍ෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා පැවසීය.

නිවාසවලට යෑමට අවසර දෙන තෙක් දැනට සිටින ස්ථානවලම රැදී සිටින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් දිස්ත්‍රික්ක 7 ක ප්‍රාදේශීය ලේකම් කෙටේඨාස 70 කට තව දුරටත් ඉවත්කිරීමේ රතු නිවේදනය ක්‍රියාත්මක වන බවත් සේනාධීර මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *