දුම්රිය වාර ප්‍රවේශපත්‍රයේ කාලය 7 දක්වා දීර්ඝ කරයි

රට පුරා පවතින අපදා තත්වය හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධා ඇතිවීම පිළිබඳ අවධානය යොමු කරමින් නොවැම්බර් මස දුම්රිය වාර ප්‍රවේශ පත්‍රයේ කාලය මෙම මස 7 වැදා දක්වා දීර්ඝ කළ බව එම දෙපාර්තමේන්තුව පැවසීය.

දුම්රිය ගමන් වාර සීමා කීරිමට සිදු වී ඇත.

ගමන් අපහසුතා හේතුවෙන් මගීන් සීමීත ප්‍රමාණයක් පමණක් වාර ප්‍රවේශපත්‍ර මීලදී ගන්නා බව නීරීක්ෂණය වී ඇති බවත් මේ තත්වය සලකා පසුගිය නොවැම්බර් මාසයට වලංගු මාසික හා ත්‍රෛමාසික වාර ප්‍රවේශපත්‍ර මෙම මස 7 වැනි දින දක්වා භාවිතා කීරීමට පහසුකම් සලසා දීමට කටයුතු කළ බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

සති වාර ප්‍රවේශපත්‍ර සඳහා වලංගු කාලය දීර්ඝ කර නොමැති බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *