රන් මිල තවත් ඉහළට

රත්තරන් පවුමක මිල දින පහක් තුළ රුපියල් 6,000 කින් ඉහළ යෑමෙන් කොළඹ හෙට්ටිවීදිය රත්තරන් වෙළෙඳපොළේ කැරට් 22 රන් පවුමක් මිල රුපියල් 315,000 ක් බවට පත්වූ බව හෙට්ටිවීදිය රත්තරන් ව්‍යාපාරිකයෝ   පැවසූහ.

නොවැම්බර් මස 25 වැනිදා සිට ඊයේ දින දක්වා එම රුපියල් 6,000 ක මුදල වැඩි වී ඇති බවත් රත්තරන් පවුමක මිල ඊයේ දිනයේ පමණක් රුපියල් 2,000 කින් ඉහළ ගිය බවත් ඔවුහු කීහ.

රුපියල් 336,000 ක පැවති කැරට් 24 රන් පවුමක මිල රුපියල් 342,000 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ද හෙට්ටිවීදිය රන් ව්‍යාපාරිකයෝ සඳහන් කළහ.

ලෝක වෙළෙඳපොළේ රත්තරන් මිල කැපී පෙණෙන ඉහළ යමින් තිබෙන අතර ලෝක වෙළෙඳපොළේ රත්තරන් මිල ඩොලර් 4,238 ක් බවට පත්ව තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *