ශ්‍රී ලංකාව කඩුලු 9 කින් ජයගනී

පාකිස්තානයේදී පැවැත්වෙන විස්සයි20 තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ පස්වැනි තරගය ලෙස රාවල්පින්ඩිහිදී ඊයේ (25) පැවැති තරගයේදී ශ්‍රී ලංකාව කඩුලු 9 කින් සිම්බාබ්වේ පරාජය කිරීමට සමත් විය.

ශ්‍රී ලංකා පිල ලැබූ මෙම ජයග්‍රහණයත් සමඟ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමේ බලාපොරොත්තු තබා ගැනීමේ අවස්ථාව උදාවිය.

ශ්‍රී ලංකා පිල සහ පකිස්තානු පිල අතර ලබන 27 වැනිදා පැවැත්වීමට නියමිත තරගයේ ප්‍රතිඵලය මත ශ්‍රී ලංකාව අවසන් මහා තරගයට සුදුසුකම් ලබන්නේද නැද්ද යන්න තීරණය වේ.

සිම්බාබ්වේ පිල ඕවර 20 කදී කඩුලු 5 ට 146 (බ්‍රයන් බෙනට් 34, ශිකන්දර් රාසා 37, රයන් බුර්ල් නොදැවී 37, මහීෂ් තීක්ෂණ 23/2, වනිදු හසරංග 23/2) ශ්‍රී ලංකා පිල ඕවර 16.2 කදී කඩුලු 1 ට 148 (පැතුම් නිස්සංක නොදැවී 98, කුසල් මෙන්ඩිස් නොදැවී 25)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *