හෙදියන්ගේ නිල ඇඳුමේ වෙනසක් නෑ

හෙදියන්ගේ නිල ඇඳුමේ  වෙනසක් නොමැති බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

මුස්ලිම් හෙදියන්ගේ ඇඳුම් පැළඳුම් සම්බන්ධයෙන් සමාජයේ මතුවූ කතිකාවත පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යාංශය එසේ පැවසීය.

මේ සම්බන්ධයෙන් කරුණු දක්වන රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්යචන්දන අබයරත්න  මහතා පවසන්නේ  මුස්ලිම් හෙදියන් සඳහා පවතින ඇඳුම් පැළඳුම් කේතය සංශෝධනය කිරීම සම්බන්ධයෙන් අදාළ අමාත්‍යාංශවලින් අමාත්‍යාංශයට කිසිදු විධිමත් නිර්දේශයක් ලැබී නොමැති බවයි.

හෙදි නිල ඇඳුමේ  වෙනසක් නොකරන බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ද පසුගියදා ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *