ආයුර්වේද කොමසාරිස් ජනරාල් පත් වෙයි

ආයුර්වේද කොමසාරිස් ජනරාල් තනතුරට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

මේ වන විට පුරප්පාඩුව පවතින ආයුර්වේද කොමසාරිස් ජනරාල් තනතුර සඳහා දැනට කම්කරු දෙපාර්තමේන්තුවේ කම්කරු කොමසාරිස්වරියක ලෙස සේවය කරනු ලබන ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනී ඒ. එම්. ජී. එන්. දීප්ති සුමනසේන මහත්මිය වහාම ක්‍රියාත්මක වන පරිදි පත් කිරීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *