භූ විද්‍යා-පතල් කාර්යාංශයට වැටලීම් ඒකකයක්

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සඳහා ඉතාමත් ඉක්මනින්ම විමර්ශන හා වැටලීම් ඒකකයක් ස්ථාපිත කරන බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.

නාවල පිහිටි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශ පරිශ්‍රය නිරීක්‍ෂණයට කිරීමට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව කීය. කාර්යාංශයේ  මෙතෙක් කලක් පැවති සේවක ගැටලු, බලපත්‍ර ලබාදීමේ ගැටලු, නීති ගැටළු,  ප්‍රවාහන ගැටලු සම්බන්ධයෙන් මෙහිදී සේවකයන් අමාත්‍යවරයා දැනුවත් කළේය.

මෙතෙක් කලක් පරිසර අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වූ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පසුගිය ඔක්තෝබර් 18 දා දින සිට කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාශය යටතට පත්කර තිබෙයි.

1903 දී ලංකා ඛණිජ සමීක්ෂණ ආයතනය ලෙසින් ආරම්භ කරන ලද භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය ලංකාවේ ඛනිජ ගවේෂණය , බලපත්‍ර නිකුත් කිරීම , ගවේෂණ හා කල්බදු හිමිකම් පැවරීම, විද්‍යාගාර සේවා පවත්වාගෙන යාම, භූ විද්‍යා තොරතුරු ලබාදීම යන කාර්යයන් ඉටු කරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *