ඉෂාරාට මතුගමින් පනින්න ශාන්ගෙන් ගමන් වියදම්

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකාරියක වන ඉෂාරා සෙව්වන්දි හට මතුගම වැලි පැන්නේ සිට මිද්දෙණියට පලා යෑමට  මුදල් වියදම් කර ඇත්තේ මතුගම ශාන් නැමැති පාතාල කල්ලි සාමාජිකයා බව  කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා  හමුවේ කරුණු දැක්වූ කොළඹ අපරාධ කොට්ඨාසය  පැවසීය.

ගණේමුල්ලේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී ඉසාරා සෙව්වන් දී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්  අධිකරණයේ සිට මතුගම වැලි පැන්නට යෑම,වැලි පැන්නේ සිට මාතර, මිත්දෙණිය, යාපනය දක්වා ගමන් ගත් ආකාරය පිළිබඳව  වැඩිදුර විමර්ශන වාර්තාවක් ඉදිරිපත් කරමින් කොළඹ අපරාධ කොට්ඨාසය මෙම කරුණු ඉදිරිපත් කළේය .

රජයේ සේවකයින් පොලිස් නිලධාරීන් පාතාල සාමාජිකයින්,ව්‍යාපාරිකයින්  හා මනුෂ්‍ය ඝාතක සැකකරුවන් මීට ආධාර අනුබල දී ඇති බවද පොලිසිය පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත සැකකරුවන් සූම් තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කළ අතර පසුගියා දා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ සැකකාරියන් හතරක් බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කළේය.

මේ අනුව ගනේ මුල්ලේ සංජීව ඝාතන සිද්ධිය හා ඉෂාරා සෙව්වන් දීට ආධාර අනුබලදීම යන කරුණ මත සැකකරුවන් විසි හත්  දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *