බැකෝ සමන්ගේ බස් දෙකක් අල්ලයි

ඉන්දුනීසියාවේදී පසුගියදා අත්අඩංගුවට ගත් පාතාල කල්ලි සාමාජිකයන් අතර සිටි “බැකෝ සමන්” නමැත්තාට අයත් අධි සුඛෝපභෝගී බස් රථ දෙකක් බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මින් එක බස් රථයක් සංචාරකයන් ප්‍රවාහනය කිරීම සඳහා කටුනායක පිහිටි පෞද්ගලික සමාගමකට ලබාදී තිබියදී පොලිස් බාරයට ගෙන ඇත.

සෙසු සුඛෝපභෝගී බස් රථය මොණරාගල – කොළඹ ධාවනයට යොදවා ඇති මගී බස් රථයක් බවත් එය සිය ගමන්වාරය සඳහා පිටකොටුව පෞද්ගලික බස්නැවතුම්පලේ නවතා තිබියිදී පොලිසිය භරයට ගෙන ඇත.

මෙම බස් රථ දෙකම වෙනත් පුද්ගලයන්ගේ නම්වලින් බැකෝ සමන් මිලදීගෙන ඇති බවද පොලිසිය සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *