ඇෆ්ගනිස්ථානය වෙනුවට සිම්බාබ්වේ එයි

ලබන මාසයේ පාකිස්තාන සත්කාරකත්වයෙන් පැවැත්වීමට නියමිතය තුන්කොන් විස්සයි20 තරගාවලියෙන් ඇෆ්ගනිස්තානය ඉවත්වීමත් සමගින් ඒ වෙනුවට සිම්බාබ්වේ කණ්ඩායම එක්වෙන බව පාකිස්තාන ක්‍රිකට් ආතනය නිවේදනය කරයි.

නොවැම්බර් 17 සිට 29 දක්වා ලාහෝර් සහ රාවල්පින්ඩි හිදී පැවැත්වෙන මෙම තරගාවලියට ශ්‍රී ලංකාව ද සහභාගී වනු ඇත.

පාකිස්තානය ඇෆ්ගනිස්ථානයට එල්ල කළ ප්‍රහාරයකින් ඇෆ්ගනිස්ථාන දේශීය ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙකු මිය යාමෙන් පසුව තුන්කොන් තරගාවලියෙන් ඉවත්වන බව ඇෆ්ගනිස්ථානය නිවේදනය කළේය.

මෙම තරඟාවලිය සිම්බාබ්වේ කණ්ඩායම රාවල්පින්ඩි හිදී සත්කාරක පාකිස්තානය සමඟ තරඟ කිරීමෙන් පසුව තරගාවලිය ආරම්භ වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *