ලංවීම වර්ජනය තාවකාලිකව අත්හිටුවයි

ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති වැඩ වර්ජනයකට යෑමේ ක්‍රියාවලිය තාවකාලිකව නවතා දැමීමට කටයුතු කළ බව ලංවිම නව සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ප්‍රියන්ත වික්‍රමසිංහ මහතා පැවසීය.

කෙසේ වෙතත් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත් එලෙසම ක්‍රියාත්මක වන බව හෙතෙම සඳහන් කළේය.

ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති පසුගිය 04 වැනිදා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කිරීමට කටයුුතු කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *