ඇෆ්ගන් දරුවා ගුවන් යානා රෝදයේ සැඟවි දිල්ලියට එයි

ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවර සිට ඉන්දියාවේ දිල්ලි නගරය බලා පියාසර කළ කාම් එයාර් ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක රෝද සම්බන්ධ වන කුඩා කුටියේ සැඟවී 13 හැවිරිදි ඇෆ්ගනිස්තාන පිරිමි දරුවකු ඉන්දියාව බලා පැමිණි පුවතක් විදෙස් මාධ්‍ය පසුගියදා වාර්තා කළේය.

එම පිරිමි දරුවා ඇෆ්ගනිස්තානයේ කුන්ඩුස් නගරයේ වාසය කරන අයකු බවත් දිල්ලි ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ධාවන පථයේ ඔබමොබ යමින් සිටියදී ගුවන් තොටුපොළ පොලිසිය ඔහුව සොයාගෙන ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

ඇතිවූ කුතුහලය හේතුවෙන් ගුවන් යානයේ රෝදය සම්බන්ධ වන ස්ථානයේ තමන් සැඟවුණු බව ගුවන් තොටුපොළ බලධාරීන් වෙත ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය පැවැසුවේය. එක අවස්ථාවක යානය අඩි 36,000 ක් උඩින් පියාසර කර ඇතත් පිරිමි දරුවට කිසිම අනතුරක් සිදුනොවී ඇති බවත් පැය එකයි විනාඩි තිහක කාලයක් එම දරුවා යානයේ සැඟව සිට ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *