මධ්‍යම පරිසර අධිකාරියේ නව අධ්‍යක්ෂ ජනරාල් කපිල රාජපක්ෂ

මධ්‍යම පරිසර අධිකාරියේ නව අධ්‍යක්ෂ ජනරාලවරයා ලෙස ආර්. එස්. පී. කපිල මහේෂ් රාජපක්ෂ මහතා පත් කර තිබේ.

පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැදි මහතා විසින් ඊට අදාළ පත්වීම් ලිපිය රාජපක්ෂ මහතා වෙත පරිසර අමාත්‍යංශයේ දී  ප්‍රදානය කරනු ලැබීය.

කපිල රාජපක්ෂ මහතා රුහුණු විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධිලාභියෙකු වන අතර රුහුණු විශ්වවිද්‍යාලයේ සංවර්ධන සැලසුම්කරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වන විද්‍යාව සහ පරිසර කළමනාකරණය පිළිබඳ විද්‍යාපති උපාධියත් ලබා ගෙන ඇත.

දකුණු ආසියානු සහයෝගීතා පරිසර වැඩසටහන මගින් ක්‍රියාත්මක වන, ”දකුණු ආසියාව සඳහා ප්ලාස්ටික් රහිත ගංගා සහ මුහුදු කලාපීය ව්‍යාපෘතියේ පරිසර සහ සමාජ සංවර්ධන විශේෂඥයෙකු ලෙස කටයුතු කර ඇති රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාව විසින් ක්‍රියාත්මක කරන ලද JICA අරමුදල් සහිත සංවර්ධනය වන ප්‍රදේශවල ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතියේ ) ද ක්‍රියාකාරී පරිසර විශේෂයෙකු ලෙස කටයුතු කර ඇත.

එමනේ ම ශ්‍රී ලංකාව විසින් ක්‍රියාත්මක කරන ලද මෙට්‍රෝ කොළඹ නාගරික සංවර්ධන ව්‍යාපෘතියේ ජ්‍යෙෂ්ඨ පරිසර නිළධාරියෙකු ලෙස කටයුතු කර ඇති රාජපක්ෂ මහතා මෙරට ක්‍රියාත්මක කරන ADB අරමුදල් සහිත, දෙවන පෙළ නගර සහ ග්‍රාමීය ප්‍රජා පාදක ජල සම්පාදන හා සනීපාරක්ෂක ව්‍යාපෘතියේ විශේෂයෙකු ලෙස කටයුතු කර ඇත.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *