හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය මේ වනවිට යම්තාක් දුරකට සතුටුදායක මට්ටමකට හැරී තිබුණද එම තත්ත්වය වෙනස් විය හැකි බව කොළඹ ජාතික රෝහලේ වැඩබලන අධ්යක්ෂ වෛද්‍ය ප්‍රදීප් විජේසිංහ මහතා ප්‍රකාශ කළේය.
ඒ අනුව දැඩි සත්කාර ඒකකයේ විශේෂඥ වෛද්‍යවරු වික්‍රමසිංහ මහතා දැඩි අධීක්ෂණයකට ලක් කර සිටින බවද වැඩ බලන අධ්යක්ෂවරයා පැවසීය. මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වමින් හෙතෙම සඳහන් කර සිටියේ,
“එතුමා මේ වෙද්දී දැඩි සත්කාර ඒකකයේ දැඩි අධීක්ෂණය යටතේ වෛද්‍ය අධීක්ෂණය යටතේ, ඒකට කියන්නේ ක්ලෝස් සුපර්විෂන් යටතේ තබා ගැනීම සුදුසුයි කියලා තමයි අපේ විශේෂඥ වෛද්‍ය මණ්ඩලයේ නිර්දේශ කරලා තියෙන්නේ. යම්කිසි ගුණයක් පෙන්වමින් යම් ස්ටේබල් තත්වයක් පෙන්නනවා. ICU එකේ මොනිටර් කරන එක විශේෂඥ වෛද්‍යවරු උදේ, හවස දෙකම කරන නිසා හරිම තත්වය වෙනස් වෙන්න පුළුවන්.” යනුවෙනි.


