කෙහෙල්බද්දර පද්මේ ගෝලයෝ දෙන්නෙක් සමග මාට්ටු?

ප්‍රබල පාතාල සාමාජිකයකු  ලෙස සැලකෙන කෙහෙල් බද්දර පද්මේ සහ ඔහුගේ ප්‍රධානම ගෝලයන් බව කියන කොමාන්ඩෝ සලින්ද සහ බත්තරමුල්ලේ සංජීව යන අය මැලේසියාවේ දී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇතැයි වාර්තාවේ.

මැලේසියාවේ ක්වාවාලාරම්පූර්හි සුපිරි හෝටලයක පැවැති සාදයකට සහභාගී වෙමින් සිටියදී තිදෙනා අත්අඩංගුවට පත්ව  ඇතැයි බුද්ධි අංශ නිලධාරියෙක් සඳහන් කළේය.

කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ විත්තිකූඩුවක් තුළදී ගණේමුල්ල සංජීව නමැති පාතාල කල්ලි නායකයා ඝාතනය කිරීම කෙහෙල් බද්දර පද්මේ නමැත්තාගේ කීමට සැලසුම් කර ඇතැයි කියන්නේ ද කමාන්ඩෝ සලින්ද නමැත්තා බව කියති.

සලින්ද නමැත්තා යුද හමුදා කමාන්ඩෝ බළකායේ රාජකාරී කරමින් සිටියදී එයින් පලා ගිය අයෙකි.

කොමාන්ඩෝ සලින්ද මනුෂ්‍ය ඝාතන කිහිපයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටියදී ඩුබායිවලට පලා ගිය අයකු බව ද පොලිසිය කියයි.

ඩුබායි සිට ගණේමුල්ල සංජීව නමැත්තා ඝාතන සැලැස්ම ක්‍රියාත්මක කර පසුව කෙහෙල් බද්දර පද්මේ, කොමාන්ඩෝ සලින්ද සහ බත්තරමුල්ලේ සංජීව නමැත්තන් මැලේසියාවට පලා ගොස් ඇති බව බව ද පැවැසේ.

ඩුබායි රටේ තවදුරටත් සැඟව සිටීම අනාරක්ෂිත නිසා මෙසේ මැලේසියාවට පලා ගොස් ඇතැයි ද පැවැසේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *