Thursday, 5 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

වියාන් මෝල්ඩර්ගෙන් ත්‍රිත්ව ශතකයක්

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය සඳහා වන තරගය මේ වන විට පැවැත්වේ.

ඒ අනුව තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින දකුණු අප්‍රිකා කණ්ඩායම සිසිල් පැන් පානය සඳහා තරගය නතර කරන විට පන්දුවාර 101ක් අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 535ක් රැස් කරගෙන සිටියේය.

මෙහිදී නායක වියාන් මෝල්ඩර් ත්‍රිත්ව ශතකයක් වාර්තා කිරීමට සමත් විය.

ඔබේ අදහස