යෝෂිත වැලිකඩ සාමාන්‍ය වාට්ටුවක

රත්මලාන ප්‍රදේශයේ ඉඩමක් මිලදීගැනීමේ සිද්ධියකට අදාලව අත්අඩංගුවට ගෙන රිමාඩ්භාරයට පත්කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්‍ෂ මහතා වැලිකඩ බන්ධනාගාරයේ සාමාන්‍ය වාට්ටුවක රඳවා සිටින බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා පැවසීය.

යෝෂිත රාජපක්‍ෂ මහතා එහි රැඳවීමෙන් පසුව කිසිඳු විශේෂ යමක් ඉල්ලා නොමැති බව කී දිසානයක මහතා ඔහු බැලීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන නාමල් රාජපක්‍ෂ සහ ඩී. වී. චානක යන මහත්වරු බන්ධනාගාරයට පැමිණි බව ද සඳහන් කළේය.

එම දෙපළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වීම නිසා බන්ධනාගාරය නිරීක්‍ෂණය කිරීම යටතේ යෝෂිත රාජපක්‍ෂ මහතා හමුවීමට කටයුතු සැළසු බව ද බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *