ෆයිල් විසිනව දාහක් පොලිසියේ හිරවෙලා

ෆයිල් විසිනව දාහක් පරීක්ෂණ වල හිර වී තිබෙන බව පොලිස් දෙපාර්තමේන්තුව දැනුම් දී ඇතැයි ජනාධිපති අනුර දිසානායක මහතා හෝමාගම දී පැවසීය.

මේ සියල්ල එක තැනකින් මෙහෙයවන්න බැරි බව පොලිසිය දැනුම් දී තිබෙන බව කී ජනාධිපතිවරයා ඒ නිසා පොලිස් කොමිසමට මේ ගැන දැනුම් දී පොලිසියට අලුත් ව්‍යුහයක් හැදු බව සඳහන් කළේය.ෙඅපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ තවත් කොටස් හදන බව කී ජනාධිපතිවරයා ඒ සඳහා අලුත් නියෝජ්‍ය පොලිස්පතිවරුන් අවශ්‍යව තිබෙන බව කීය.

මූල්‍ය අපරාධ චෝදනා ,මිනීමැරුම්,කුඩු අපරාධ,ආදිය වෙන වෙනම බෙදා දී තිබෙන අතර  ඒ ආයතන සහ නිලධාරීන් කෙරෙහි ආණ්ඩුව පූර්ණ විශ්වාසය තිබෙන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *