සමාගම්

උද්ධමන ඉලක්ක සම්පූර්ණ කර නෑ

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මතුපිට උද්ධමනය 2024 වසරේ දෙවැනි සහ තුනවැනි කාර්තුවල උද්ධමනය, උද්ධමන ඉලක්කවලට වඩා මුදල් ප්‍රතිපත්ති රාමුව පිළිබඳ ගිවිසුමේ දක්වා ඇති ආන්තිකයන්ට පහළින් ඇති බවත් ඒ අනුව එහි වාර්තාව මුදල් අමාත්‍යවරයා හරහා පාර්ලිමේන්තුවට යොමු කළ බවත් ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මුදල් ප්‍රතිපත්ති රාමුව පිළිබඳව ගිවිසුමේ දක්වා ඇති උද්ධමන ඉලක්ක එම ගිවිසුමේ දක්වා ඇති නිශ්චිත ආන්තිකයෙන් එක ළඟ කාර්තු දෙකක් තුළදී සපුරාගැනීමට නොහැකි වුවහොත් මුදල් අමාත්‍යවරයා හරහා පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කළ යුතු බවත් පසුගිය වසරේ (2024) දෙවැනි සහ තුන්වැනි කාර්තුවල කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මතුපිට උද්ධමනය පිළිබවෙළින් සියයට 1.4 ක් සහ 0.8 ක් වූ බවත් ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

ඒ අනුව අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය එම වාර්තාව පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවට ඉදිරිපත් කර සාකච්ඡා කළ බව ද මහ බැංකුව වැඩි දුරටත් සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *