එංගලන්ත පුහුණුකරු ධුරයට සංගා ඉදිරිපත් වෙයි

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ සීමිත පන්දුවාර තරගවල පුහුණුකරු ධුරයට ශ්‍රී ලංකා හිටපු නායක කුමාර් සංගක්කාරද ඉල්ලුම් කර ඇති බව එංගලන්ත මාධ්‍ය වාර්තා කරයි. එංගලන්ත වත්මන් සීමිත පන්දුවාර තරගවල පුහුණුකරු ලෙස කටයුතු කරන මැතිව් මෝට් සිය ධුරයෙන් ඉවත්වීමට නියමිතව තිබේ.

එංගලන්ත කණ්ඩායමේ සීමිත පන්දුවාර නායකයා ලෙස තවදුරටත් ජෝස් බට්ලර් කණ්ඩායමේ රඳවා ගැනීමට එංගලන්තය තීරණය කර තිබේ. ජෝස් බට්ලර් අයි.පී.එල්. තරගාවලියේදී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම නියෝජනය කරන අතර එහි ක්‍රිකට් අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන්නේ කුමාර් සංගක්කාරයි.

එංගලන්ත මාධ්‍ය වාර්තා කරන ආකාරයට කුමාර් සංගක්කාර අපේක්ෂකයා අතරින් ඉදිරියෙන් සිටියි. ඔහුට අමතරව  එංගලන්ත හිටපු පිතිකරු ජොනතන් ට්‍රොට් , ඔස්ට්‍රේලියාවේ මයික් හසීද මෙම ධුරය සඳහා ඉදිරිපත් වී ඇති බව සඳහන් වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *