අද (25) පාර්ලිමේන්තුවේදී පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව පිළිබඳව විපක්ෂනායකවරයා සහ මැති ඇමතිවරු කීපදෙනෙකු පල කල අදහස් සම්බන්ධයෙන් අදහස් පලකරමින් ඇමතිවරයා මේ බව කීවේය.
“මෙතන ජනාධිපතිතුමත්, කැබිනට් මණ්ඩලයත්, රජයත් අධිකරණය අපහසුතාවට පත්කරන විදිහට කටයුතු කරනවා කියලා මතයක් හදන්න උත්සාහ කරනවා. අපි පැහැදිළිව කියන්න ඕන ජනාධිපතිතුමා තමයි 21 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙනල්ල අධිකරණය ස්වාධීන කරන්න කටයුතු කළේ. ඒ විතරක් නොවෙයි කැබිනට් මණ්ඩලයත් රජයත් ඒකට ගරු කරනවා. ඒ නිසා එතන එහාට කතාකරන්න දෙයක් නැහැ. මේ කතාව එච්චරයි.
මේ විපක්ෂයට රැකවරණය දෙන්නේ පාතාලය. ඒක තමයි මේගොල්ලන්ගේ උනන්දුව. නැතිනම් අනිත් දේවල් ගැනත් කතා කරන්න ඕනෙනේ. වතු කම්කරුවන්ගේ පඩි ගැනත් කතා කරන්න ඕනේනේ. ඒ නිසා වැරදි තැනකට මේ රට ගෙනියන්න එපා කියලා මම කියනවා.”