මෙන්ඩිස්ගේ ස්ථානය තහවුරුයි – චමිඳු වික්‍රමසිංහට අවස්ථාව

ලංකා ප්‍රිමියර් ලීග තරගාවලියේදී දක්ෂතා දැක්වූ ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම ඉන්දියාව සමගින් පැවැත්වෙන විස්සයි20 තරගාවලියට එක් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව කටයුතු කර තිබේ.

ඒ අනුව නවක ක්‍රීඩක චමිඳු වික්‍රමසිංහ, අවිශ්ක ප්‍රනාන්දු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් වන දිනේෂ් චන්දිමාල් හා කුසල් ජනිත් පෙරේරාද තරගාවලිය වෙනුවෙන් නම් කර තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නව නායකයා ලෙස චරිත් අසලංක නම් කර තිබේ. කුසල් මෙන්ඩිස්ටද කණ්ඩායමේ ස්ථානය වෙන්ව තිබේ.

ශ්‍රී ලංකා සංචිතය – චරිත් අසලංක (නායක), පැතුම් නිශ්ශංක, කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත් පෙරේරා, අවිශ්ක ප්‍රනාන්දු, දිනේෂ් චන්දිමාල්, කමිඳු මෙන්ඩිස්, දසුන් ශානක, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, චමිඳු වික්‍රමසිංහ, මතීෂ පතිරණ, ණුවන් තුෂාර, දුනිත් වෙල්ලාලගේ, දුෂ්මන්ත චමීර, බිනුර ප්‍රනාන්දු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *