ආණ්ඩුවට තුනෙන් දෙකේ බලයක් නැති නිසා ජනමත විචාරණයක් එන්නේ නෑ

22 වන ව්‍යවස්ථා සංශෝධනය ගැන කිසිදු දෙගිඩියාවක් තියා ගත යුතු නොමැති බවත්, එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයකින් සම්මත වෙන්නේ නැති බවත්, ඒ අනුව ජනමත විචාරණයක් නොඑන බවත් ජාතික ජනබලවේගයේ ජාතික විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා  පැවසීය.

“පුනරුදයට රටම එකට” යන තේමාව යටතේ මස්කෙළිය වතු ජනතාව දැණුම්වත් කරමින් මලෛයගම් ජනතා සභා ජන  හමුව මස්කෙළිය පී.එම්.ඩී. උත්සව ශාලාවේදී පැවති අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් විජිත හේරත් මහතා එසේ පැවසීය. එහිදී මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙසේද කීවේය.

“අද වෙනකොට ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් නෑ. 22 පාර්ලිමේන්තුවට දැම්මට සම්මත කර ගන්න බෑ. ඒ කියන්නේ ජනමත විචාරණයක් එන්නේ නෑ. ඒ අයගේ උත්සාහයෙන් වැඩක් වෙන්නේ නෑ. ඒ නිසා කිසිදු දෙගිඩියාවක් තියාගත යුතු නෑ. ලබන සතිය වෙනකොට මැතිවරණ කොමිෂම ජනාධිපති ඡන්දය තියන දිනය හා නාම යෝජනා භාරදිය යුතු දිනය ප්‍රකාශයට පත් කරනවා. අනිවාර්යෙන් නියමිත පරිදි ජනාධිපති ඡන්දය එනවා. මේ අය දාන වෙට්ටු එකක්වත් හරියන්නේ නෑ.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *