ක්ලබ් වසන්ත ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය සිදුකරන පොලිස නිලධාරීන් විසින් වැලිගම මිරිස්ස ප්‍රදේශයේදී විසිඑක් හැවිරිදි කාන්තාවක් ව අත්අඩංගුවට ගත්තේය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ ක්ලබ් වසන්ත ඝාතනය සැලසුම් කිරීම සඳහා යොදාගත් බස් රථයක් මෙම කාන්තාව ගේ නමින් ලියාපදිංචි කර ඇති බවයි.
එබැවින් මෙම කාන්තාවත් එම ඝාතන කුමන්ත්‍රණය තුළ සිටින්නේද යන්න විමර්ශනය සඳහා ඇයව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
ඇයව පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලීසිය කළ ඉල්ලීමට කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය අවසර දී තිබුණි.
“බස් රථය මෙතෙක් හම්බවෙලා නෑ. සඟවලා ඇත්තේ. ඒ සම්බන්ධයෙන් සොයනවා..”
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා තවදුරටත් පැවසුවේ ක්ලබ් වසන්ත ඝාතනය සැලසුම් කර ස්ථානයට ද මෙම කාන්තාව ගොස් ඇති බවට තොරතුරු ඇති බවයි.
එසේම මෙම බස් රථය මිලදී ගෙන ඇත්තේ මෙම මනුෂ්‍ය ඝාතනය සඳහාම යන්න මේ වනවිට හෙළිවී ඇති බව ඔහු පැවසීය.
පසුගිය ජූලි 08 වනදා අතුරුගිරිය ප්‍රදේශයේ ටැටූ මධ්‍යස්ථානයක් විවෘත කිරීමට පැමිණ සිටි ක්ලබ් වසන්ත ව එම මධ්‍යස්ථානය තුළදීම නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙක් විසින් වෙඩිතබා ඝාතනය කළේය.
මේ වනවිට එම සිද්ධිය සම්බන්ධයෙන් 7 දෙනෙක් අත්අඩංගුවේ පසුවෙයි.