එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් පිටුවහල් කල සයිබර් අපරාධකරුවන් දිවයිනට

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සයිබර් අපරාධවල නියැලීම හේතුවෙන්  පිටුවහල් කල ශ්‍රී ලාංකිකයින් 11දෙනකු ජූලි මස 06  සෙනසුරාදා  පෙරවරුවේ ගුවන්  මගින් දිවයිනට පැමිණි බැව් ශ්‍රී ලාංකා විදේශ සේවා නියුක්ති කාර්යාාංශය පවසයි

.පසුගිය ජූලි පළමු වෙනිදා ” කලීජ් ටයිම්ස් ”  පුවත්පතේ පළවූ ලිපියක් මඟින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සයිබර් අපරාධ වල නිරත වූ දකුණු ආසියාතිකයන් සහ අප්‍රිකානුවන් සිය ගණනක් එරට පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් කර  තිබිණි.

.ඒ අනුව එරට ශ්‍රි ලාංකා තානාපති කාර්යාලය මඟින් සිදු කල සොයා බැලීමේදී ශ්‍රී ලාංකිකයින් 37 දෙනෙකුද සයිබර් ජාවාරමේ සහ ගණිකා ජාවාරමේ නිරත වීම ඇතුළු විවිධ චෝදනා  මත පොලිස් අත් අඩංගුවට පත්වූ  බවට අනාවරණය කර ගෙන ඇත.

ඉදිරි පොලිස් විමර්ශන කටයුතු අවසන් වීමෙන්  පසු අනෙකුත් ශ්‍රී ලාංකික පිරිස දෙසතියක්  තුළ මෙරටට පිටුවහල් කිරීමට කටයුතු කරන බැව් තානාපති  කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.

මෙම පිරිස දිවයිනට පැමිණීමෙන් පසු ඉදිරි විමර්ශන කටයුතු ශ්‍රී ලාංකා විදේශ සේවා නියුක්ත කාර්‍යාංශය විසින් සිදු කිරීමට නියමිත බවද එම කාර්යාංශය තොරතුරු අනාවරණය කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *