මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වන වැරදිකරුවන් වෙනුවෙන් මානව හිමිකම් ගැන කථා කරන ඇතැම් නීතිඥවරුන් පෙනී සිටීම පුදුමයට කරුණක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
මත්ද්‍රව්‍ය ජාවාරම නිසා ත්‍රස්තවාදයට වඩා විශාල තර්ජනයක් රටට එල්ල වී තිබෙන බව කී ජනාධිපතිවරයා ආර්ථික තර්ජනයෙන් රට අත්මිදෙමින් තිබෙන අවස්ථාවේ මත්ද්‍රව්‍ය තර්ජනයෙන් ද රට බේරා ගැනීමට සියලුදෙනාගේ සහාය අවශ්‍ය බව කීය.
අනාගත පරපුර මත්ද්‍රව්‍ය සඳහා ගොදුරු වුවහොත් රට ගොඩනැඟීමට රජය ගන්නා සියලු උත්සාහයන් නිශ්ඵල වන්නේ යැයි ද ජනාධිපතිවරයා කියා සිටියේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි “නීති ගරුක රටක්’ යන තේමාව යටතේ වැල්ලවාය මහජන ක්‍රීඩාංගනයේ පැවති ඌව පළාත් ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයන් බලගැන්වීමේ වැඩමුළුවට එක්වෙමිනි.
ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව විසින් දීප ව්‍යාප්තව ආරම්භ කළ ‘යුක්තිය’ මෙහෙයුමට සුවිශේෂි දායකත්වයක් ලබා දුන් ඌව පළාතේ ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයන් වෙනුවෙන් හැදුනුම්පත් ලබාදීම සහ තෝරාගත් සාමාජිකයන් වෙනුවෙන් සාමදාන විනිශ්චයකාර පදවි ලබාදීමද මෙහිදී ජනාධිපතිවරයාගේ ප්‍රදානත්වයෙන් සිදු විය.