සම්බන්දන් ගේ පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරයට කුහදාසන්

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මැතිවරණ කොට්ටාසයේ  පාර්ලිමේන්තු මන්ත්‍රී  දෙමළ ජාතික සංධානයේ නායක ඉරාජවරෝදයම්  සම්බන්ධන් මහතාගේ අභාවය හේතුවෙන් නවවැනි පාර්ලිමේන්තුවේ  පුරප්පාඩු  වූ  පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට  කදිරවේලු සම්මුගම් කුහදාසන්  මහතා මැතිවරණ කොමිෂන් සභාව විසින් තෝරා  පත්කර ඇත.

දෙමළ ජාතික සන්ධානයේ  ත්‍රිකුණාමල දිස්ත්‍රික් සංවිධානයේ සභාපති ලෙස කටයුතු කරන  කුහදාසන් මහතා 2020 පාර්ලිමේන්තු මැතිවරණට තරග කර දෙමළ ජාතික සන්ධාන  ලැයිස්තුවේ මනාප චන්ද 16770 ක් ගෙන මනාප ලැයිස්තුවේ දෙවැනි තැනට පත්වී සිටියේය.

පාර්ලිමේන්තු මැතිවරණ පනතට අනුව   මැතිවරණ කොමිෂන් සභාව වෙත පැවරී ඇති බලතල අනුව මෙම පත්කිරීම සිදුකිරීමට අදාල ගැසට් නිවේදනය මැතිවරණ කොමිෂන් සභාව විසින්න් ඊයේ(2) දාතමින්  නිකුත් කෙරිණි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *