ෆොන්සේකාගේ පොත ජනපතිට පිළිගන්වයි

යුද අභියෝගය ජය ගෙන දේශපාලනයේ අභියෝග රැසකට මුහුණ දුන් සරත් ෆොන්සේකාට ඉදිරියේදී ද රට වෙනුවෙන් විශිෂ්ට සේවාවක් ඉටු කළ හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

යුද්ධයෙන් පසුව රණවිරුවන්ට මෙන්ම මේ රටේ ජනතාව සිදු කළ කැප කිරීමට හිටපු පාලකයන් නිසි වටිනාකමක් ලබා දුන්නාද යන්න පිළිබඳ මට සැකයක්  පවතින බවද ජනාධිපතිවරයා කීය.

හිටපු යුද හමුදාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා විසින් රචිත “යුද හමුදාපති ජාතියට දුන් පොරොන්දුව – මම මේ යුද්ධය ඊළඟ යුද හමුදාපතිට ඉතිරි නොකරමි” ග්‍රන්ථය එළිදැක්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (28) පස්වරුවේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්විණි.

ග්‍රන්ථයේ පළමු පිටපත මෙහිදී  පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා විසින් ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් සමරු තිළිණයක් ද පිළිගැන්විණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *