‘ණය ගෙවමින් යන්න අපට ශක්තිය,ඥානය තිබෙනවා ‘

ණය කළමනාකරණය කර ගනිමින් ඉදිරියට යාමට ශ්‍රී ලංකාවට ශක්තිය සහ ඥානය තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

දේශගුණික විපර්යාසවලට මුහුණදීමේ දී අප්‍රිකාවේ අඩු ආදායම්ලාභී රටවල ණය සම්පූර්ණයෙන් අහෝසි කළ යුතු බව ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය බවද ජනාධිපතිවරයා කීය.

ශ්‍රී ලංකාවට එවන් සහනයක් අවශ්‍ය නොවන අතර ණය කළමනාකරණය කර ගනිමින් ඉදිරියට යාමට ශ්‍රී ලංකාවට ශක්තිය සහ ඥානය තිබෙන්නේ යැයි ජනාධිපතිවරයා පැවසීය

.කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ පැවති 2024 ජනාධිපති පරිසර සම්මාන උළෙල අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *