තැපැල් දෙපාර්තමේන්තුවේ යාන්ත්රික ඉංජිනේරු අංශයක් තිබියදී වාහන එකසිය අසූ තුනක් බාහිර ගරාජ වලින් අලුත්වැඩියා කර රුපියල් කෝටි තුනකට වැඩි මුදලක් නාස්ති කර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ.
මෙම වාහන බාහිර ගරාජ වලට ලබාදී අලුත් වැඩියා කර ගෙන ඇතැයි පැවසෙන්නේ 2019 වර්ෂයේ සිට 2023 වර්ෂය දක්වා කාලයේදීය. නාරාහෙන් පිට යාන්ත්රික ඉංජිනේරු අංශය පිහිටුවා ඇත්තේ රුපියල් කෝටි 30ක පමණ වියදමින් බව ජාතික විගණන කාර්යාලය පවසයි.
මේ අතර නාරාහෙන්පිට යාන්ත්රික ඉංජිනේරු අංශය තුළ වාහන කාලයක සිට දිරාපත් වෙමින් පවතින බවත් එහි සමහර වාහන වල ඇත්තේ බඳ කොටස පමණක් බවත් වාර්තාව සඳහන් කරයි. වාහනවල ඇතුළත කොටස් සහ ආසන ඉවත් කර තිබූ බවද එහි දැක්වේ.