උපකාර පන්ති ක්ෂේත්රයේ වාර්ෂිකව රුපියල් කෝටි 20,000ක මුදල් හුවමාරුවක් සිදුවන බවට තොරතුරු හෙළි වී ඇති හෙයින් එම ක්ෂේත්රය නියාමනයකට මෙන්ම බදු දැලටද යටත් කළ යුතු බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතු කෝරළ මහතා පැවසීය.
අදාළ විෂයයන් අසමත්වූ අයත් උපකාර පන්තිවල උගන්වන බවට තොරතුරු හෙළි වී ඇති බව පැවසූ මහාචාර්යවරයා එවැන්නන් උපකාර පන්ති පැවැත්වීම අපරාධයක් බවද සඳහන් කළේය.
උපකාර පන්ති ක්ෂේත්රය නියාමනය විය යුතු බවද ඔහු සඳහන් කළේය.
උපකාර පන්ති ගුරුවරුන්ගේ අධ්‍යාපනික සුදුසුකම් සොයා බැලිය යුතු බවත් ඔවුන් කුමන හෝ ස්ථානයක ලියාපදිංචි කළ යුතු බවත් මහාචාර්යවරයා සඳහන් කළේය.
ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයට ලොකු කාර්යභාරයක් පැවරෙන බවද වසන්ත අතු කෝරල මහතා කීවේය.
එසේ නොකළහොත් පාසල් අධ්‍යාපනය උපකාර පන්තිවල ගොදුරක් බවට පත්වි බිඳවැටිය හැකි බවද හෙතෙම සඳහන් කළේය.