චීන එක්සිම් බැංකුව සමගත් ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන එකඟතාවකට එයි

ශ්‍රී ලංකාව  පැරිස් නුවරදී සිය ප්‍රධාන නිල ද්විපාර්ශ්වික ණය හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා අවසන් කරමින් නිල ණය හිමියන්ගේ කමිටුව සමඟ අවසන් එකඟත්වයට එළැඹ තිබේ.

එමෙන්ම ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළව ශ්‍රී ලංකාව චීනයේ එක්සිම් බැංකුව සමඟ ද  අද බෙයිජිං නුවරදී  අවසන් එකඟත්වයට පැමිණ ඇත.

මෙම එකඟතාවන් සමඟින්, ශ්‍රී ලංකාව සිය ප්‍රධාන නිල ද්විපාර්ශ්වික ණය හිමියන් සඳහා ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ එකඟතාවට පැමිණීම අවසන් කර තිබේ.

මෙම නිල ණය හිමියන්ගේ කමිටුවේ සම සභාපතීත්වය ජපානය, ඉන්දියාව සහ ප්‍රංශය විසින් දරන ලදී. ඕස්ට්‍රේලියාව, ඔස්ට්‍රියාව, බෙල්ජියම, කැනඩාව, ඩෙන්මාර්කය, ජර්මනිය, හංගේරියාව, කොරියාව, නෙදර්ලන්තය, රුසියාව, ස්පාඤ්ඤය, ස්වීඩනය, එක්සත් රාජධානිය සහ ඇමරිකා එක්සත් ජනපදය මෙම නිල ණය හිමියන්ගේ කමිටුවේ සෙසු සාමාජිකයන් වෙයි.

නිල ණය හිමියන්ගේ සහ චීන එක්සිම් බැංකුව හරහා ප්‍රතිව්‍යුහගත කිරීමට නියමිත ණයවල ඒකාබද්ධ වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 10 කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *